අතුරු වෛද්‍යවරු විසින් මහනුවර හා පේරාදෙණිය රෝහල්වල ද ඔවුන්ගේ වෘත්තීය අරගල ක්‍රියත්මක කිරීම හේතුවෙන් මහනුවර හා පේරාදෙණිය රෝහල්වලින් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන් දැඩි අපහසුතවයට පත් ව සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කරයි.
එහෙත් බාහිර රෝගී අංශය හා වෛද්‍ය සායනවලට පැමිණෙන රෝගීන් සඳහා බෙහෙත් නිකුත් කිරීම ඔසුසල මගින් සිදු කිරීමට කටයුතු කර තිබේ.
මහනුවර මහ රෝහලේ ඊයේ දිනයේ එම්ආර්අයි ස්කෑන්, රුධිර පරීක්ෂණ, එක්ස් කිරණ, බෙහෙත් නිකුත් කිරීම් සිදු නොවූ අතර ඉන් රෝගීහු දැඩි අපහසුතාවයට පත් ව සිටියහ.
විශේෂයෙන් බාහිර රෝගී අංශයෙන් සහ වෛද්‍ය සයනවලට පැමිණෙන රෝගීන් දුෂ්කරතාවයට පත් ව සිටියහ.
මහනුවර මහ රෝහලේ අතුරු වෛද්‍ය සේවාවල නිලධාරීන් සියළුදෙනා ද ඊයේ (17) ඔවුන්ගේ වෘත්තීය සමිති ක්රියමාර්වල යෙදී සිටින බවත් ඒ හේතුවෙන් ඊයේ රෝහල් කටයුතු පවත්වාගෙන යාම අපහසු වූ බවත් මහනුවර මහ රෝහලේ අධ්යක්ෂ ආර්එම් සමන් රත්නායක මහතා සඳහන් කළේ ය.
මහනුවර - හේරත් ඒකනායක