March 29, 2024

හෙරොයින් වෙනුවට ක්‍රොකඩයිල්(අතපය කුණු වෙන අලුත්ම සෙල්ලම)

මෑත කාලයේ ලෝකය පුරා සිඝ්‍රයෙන් පැතිරීගෙන යන ඉතාමත් විෂ සහිතමත් ද්‍රව්‍යයක් වන්නේ "ක්‍රොකඩයිල්". හෙරොයින්වලට ආදේශකයක් ලෙස භාවිතා කළ හැකි වීම සහ මිල අඩුවීම එය ජනප්‍රිය වීමට ප්‍රබල හේතුවක් වී තිබේ.

එමෙන්ම එහි තිබෙන ඇබ්බැහි වනසුළු ස්වාභාවය නිසා මේ වනවිට ලෝකය පුරා සීඝ්‍රයෙන් පැතිර යාමේ අවධානමක්ද ඇති වී තිබේ.සමාජවාදය බිඳවැටුනු පසු රුසියාවේ වැඩි වශයෙන් "ක්‍රොකඩයිල්" පැතිර ගිය අතරමේ වනවිට මෙක්සිකෝවද ඊට ගොදුරු වී ඇත. යුරෝපයේ සහ ඇමරිකාවේද දැන් එය ජනප්‍රිය වෙමින් පවතී.කෝඩීන්, පෙට්රල්, තිනර්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, අයඩින් සහ රතු පොස්පරස් යොදාගෙන මෙය පහසුවෙන් නිපදවා ගත හැකි වීමද "ක්‍රොකඩයිල්" වසංගතයක් ලෙස ලොවපුරා පැතිරී යාමට එක් හේතුවක් වී තිබේ.

එහෙත් එය භාවිතා කිරීම නිසා ශරීරයට සිදුවන හානිය කෙතරම්ද යන්න ගැන සළකා බැලීමේ දී භාවිතා කරන්නෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර දෙකක් පමණ වේ. එමෙන්ම ඇතිවන සංකූලතා දැකීමට බිය උපදවන තරම් භයානකය.

(­සංවේදී අය නැරඹීමෙන් වලකින්න)

Rate this item
(4 votes)
Last modified on Friday, 18 July 2014 10:50