April 20, 2024

කැබිනට් අනුමැතියෙන් පැල්පත් සුන් කෙරේ

කොළඹ නගර සංවර්ධන සැලැස්මට අනුව කොළඹ පිහිටි අඩු ආදායම් ලාභී නිවාස (පැල්පත්) 65,000 ක් ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.මෙමගින් මුදවාහරිනු ලබන ඉඩම් තට්ටු නිවාස ඉඳිකිරීමට, සංචාරක කටයුතු, පොදු පහසුකම් සහ අනෙකුත් සේවා සහ පහසුකම් වැනි දෑ ඉදිකිරීමට යොදවා ගනු ලබනු ඇත.

තවද එම යෝජනායට අනුව බහුමහල්වලින් යුත් තට්ටු නිවාස පද්ධතීන් ඉදිකර මෙම පවුල් එම නිවෙස්වල පදිංචි කිරීමට නියමිතය. කොළඹ නගරයේ ඇති අවිදිමත් තත්ත්වය යථා තත්ත්වයට ගෙන ඒම සහ මනා කළමණාකාරීත්වයක් ගොඩ නැංවීම මෙලෙස අපේක්ෂා කෙරෙයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 July 2014 10:09