March 28, 2024

මන්ත්‍රි ලොකුබණ්ඩාරට එරෙහිව හල්දුම්මුල්ලේ ජනතාව මහ පාරට

හල්දුම්මුල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යා‍ලයේ සේවක සේවිකාවන් හා එම බලප්‍රදේශයේ ජනතාව එක්ව විරෝධතාවයක නිරත විය.එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර තම දේශපාලන බලය යොදාගනිමින් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම්වරිය හදිසියේ මාරුකර යැවීමට එරෙහිව කටයුතු කළ බවය චෝදනා කරමින්.

ඌව පළාත් සභාව විසිරුවා හැර ඇති මොහොතක සිදු කළ මෙම මාරු කිරීම සමබන්ධයෙන් එම සේවකයෝ අප්‍රසාදය පළ කරයි. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ දේශපාලනඥයින්ගේ අවශ්‍යතා මත සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් ලබාගැනීමට යාමේදී ප්‍රාදේශීය ලේකම්වරිය ඊට හරස් වන බැවින් ඇයව මාරුකර යැවූ බැවන් මෙය දේශපාලන පළිගැනීමක් බවයි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 18 July 2014 09:43