March 29, 2024

පාසල ඇරී ගෙදර යමින් සිටි සිසුවිය පැහැරගෙන

පාසල අවසන් වී නිවස බලා යමින් සිටි සිසුවියක් වෑන් රථයකින් පැමිණ පැහැර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පල්ලම පොලීසිය පවසයි.

පසුගිය 17 වැනි දා පස්වරුවේ හලාවත, විල්පත ප්‍රදේශයේ දී මෙම පැහැර ගැනීම සිදු වී ඇත. 16 හැවිරිදි පසල් ශිෂ්‍යවක් මෙලෙස පැහැරගෙන තිබේ.

පාසල අවසන් වී තමන් සමග නිවස බලා තවත් පාසල් සිසුවියක් සමග ගමන් කරමින් සිටි තම දියණිය පැහැර ගෙන ගොස් ඇති බව හලාවත, විල්පත පදිංචි පුද්ලයෙක් විසින් පල්ලම පොලීසියට පැමිණිලි කර ඇත.

දැරිවිය පැහැර ගෙන ගොස් ඇත්තේ ඇයගේ මවගේ අක්කාගේ පුතා විසින් බවට පොලීසිය විසින් කළ මූලික විමර්ශණ වලදී අනාවරණ වී ඇත.

සැකකරුවන් හෝ දැරවිය මෙතෙක් හමු වී නෙමැති අතර පල්ලම පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි. 

පුත්තලම - ජුඩ් සමන්ත

Rate this item
(0 votes)
Last modified on Friday, 18 July 2014 09:10