September 23, 2018

"සෑම පාසල් සිසුවෙක්ම ක්‍රීඩාවක නිරත වීම අනිවාර්යයි" - අකිල

සෑම ශිෂ්‍යයෙක්ම කුමන හෝ ක්‍රීඩාවක් කළ යුතුබවත් අධ්‍යාපනය යනු ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රමවේදය පමණක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ ඉසිපතන විද්‍යාලයේ නව පිහිනුම් තටාක සංකීර්ණය සහ ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාව සඳහා අද (14) එක්වෙමිනි.

විෂය බාහිර ක්‍රියාකාරකම් සඳහා ද මූලිකත්වය දිය යුතු බවත් සියලු ශිෂ්‍යයන් සඳහා ක්‍රීඩාව අනිවාර්ය කරනු ලැබුවේ ඒ අනුව බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ අධ්‍යාපනය කියන්නේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය පමණක් නොවේ විෂය භාහිර ක්‍රියාකාරකම් වලට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි. ඒකෙන් තමයි සමබර මනසකින් යුතු, පෞර්ෂයකින් යුතු තරුණ පරපුරක් බිහි වෙන්නේ. ඒ නිසා තමයි අපි හැම ශිෂ්‍යයෙක්ම කුමන හෝ ක්‍රීඩාවක් කළ යුතුයි කියලා අනිවාර්ය කරලා චක්‍ර ලේඛණයක් නිකුත් කරනු ලැබුවේ. ඒ වගේම වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනය තුළින් සාමාන්‍ය පෙළ සෑම තරුණ තරුණියකටම වෘත්තීය විෂයන් 26ක් ඔස්සේ ඉදිරියට යන්න පුළුවන්කම සකස් කළේ අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් යුතුව අපි දැන් ඒ වැඩපිළිවෙල නියාමක වැඩසටහන දැන් ආරම්භ කරලා තියෙනවා.”

“එන වසර වෙනකොට කිසිම කෙනෙක් සාමාන්‍ය පෙළින් හැලීමකට ලක් වෙන්නේ නැහැ.  හැමකෙනාම උසස් පෙළට තමන් දක්ෂකම්, හැකියාවන් ඔස්සේ උසස් පෙළට ගෙනියන්නත්, එතනින් එහාට අවශ්‍ය නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන්නත් ඒ අවශ්‍ය පසුබිම අපේ රජය මඟින් මේ වෙනකොට අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ඒ විෂයන් වල ක්‍රීඩා විෂයන් තියෙනවා, කලා විෂයන් තියෙනවා, ඒ නිසා ඒ හැම කෙනෙකුටම පුළුවන්කම ලැබෙනවා තමන් කැමති විෂය ධාරාවක් ඔස්සේ යන්න.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)