June 19, 2018

අල්ලස් ගත් සීදුව ස්ථානාධිපති රිමාන්ඩ්

සීදුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 28 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බණ්ඩාර රණසිංහ මහතා අද (14) නියෝග කළේය.

පැමිණිලිකරුට වාසි වන පරිදි නීති මගින් කටයුතු කිරීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 25,000 මුදලක් ඉල්ලා ලබා ගත්තැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජාඇල පදිංචි කස්තුරි ආරච්චිගේ අශෝක විරතිලක නැමැති සීදූව පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 14 March 2018 14:43