September 23, 2018

ආරක්ෂක අංශවල පෙර පාසල් පවරා ගැනීමට උතුරු පළාත් සභාව සැරසෙයි

උතුරු පළාත තුල ක්‍රියාත්මක වන සියළුම පෙර පාසල් පළාත් පාලන අමාත්‍යංශයේ පාලනයෙන් ඉවත් කොට අධ්‍යාපන අමාත්‍යංශය වෙත පවරා ගත යුතු බවට යෝජනාවක් ඊයේ (13) උතුරු පළාත් සභාවට ඉදිරිපත් වී තිබේ.

එම යෝජනාව ඉදිරිපත් වූයේ උතුරු පළාත් සභාවේ 118 වෙනි සැසි වාරය ඊයේ (13) පැවති අවස්ථාවේදීය.

එම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ සිට ඊට පක්ෂව හා විපක්ෂව අදහස් ඉදිරිපත් වී ඇති අතර යෝජනාව ඉදිරිපත් කරණ ලද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයාට හා ඊට අනුබල දෙන ලද පිරිසට පැහැදිලිවම උවමනාව වී තිබුණේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ උතුරු පළාතේ සේවය කරණ පෙර පාසල් පාලිකාවන්ගේ සේවය නතර කරවා ගැනීමට බව ඒ පිළිබදව දිගින් දිගටම අදහස් දක්වද්දී අනාවරණය වී තිබේ.

යුද හමුදාවේ පුහුණුව ලද පිරිසක් ළදරු අධ්‍යාපන කටයුතු සදහා යෙදවීම කිසිසේත්ම අනුමත කල නොහැකි බවට මෙහිදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අදහස් දක්වා ඇති අතර ඔවුන්ට මසකට රුපියල් 30000 ක වැටුපක් ලැබෙද්දී උතුරු පළාත් සභාවෙන් යොදවා සිටින පෙර පාසල් පාලිකාවන්ට රුපියල් 5000 ක දීමනාවක් ලැබීම මේ දෙපිරිසගේ අභිමානයට හා අව තක්සේරුවට හේතු වන නිසා උතුරු පළාත් සභා බල ප්‍රදේශයේ සේවය කරණ සියළුම පෙර පාසල් පාලිකාවන් එක් පාලන ව්‍යුහයකට ගත යුතු බවට අදහස් පල වී ඇත.

මේ අවස්ථාවේදී උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා එම යෝජනාව පිළිබදව අදහස් විමසීම හා ඒ ගැන සලකා බැලීම ලබන සැසිවාරයට කල් දමා තිබේ.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)