September 23, 2018

ගැටුම්වලට අනුබල දුන් පිරිස් අතර සිටින රජයේ ප්‍රබලයන් ගැන රවීගෙන් හෙළිදරව්වක්

මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේ ගැටුම්වලට අනුබල දුන් පිරිස් අතර රජයට සම්බන්ධ ප්‍රබල චරිත සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් සුදූ බැටළුවන් අතර කළු බැටළුවන් ද සිටින බවත් හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

ඒ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්විය.

“උතුරු කොළඹ වැනි ආසනයක ජාතීන් හා ආගම් අතර පවතින සංහිදියාව රටටම ආදර්ශයක්. සමාජ මාධ්‍ය වගකීම් සහිතව කටයුතු කරන්නේ නම් කිසිවෙකු භීතියට පත් වීමේ අවශ්‍යතාවක් නැහැ. පසුගිය දින කිහිපයේ මහනුවර ඇති වූ සිද්ධිවලට පොලිසිය මුළුමනින්ම වගකිව යුතුයි. ඒ වගේම ජාතීන් අතර ආගම් අතර විරසකවීම් උත්සන්න කිරීමට සමාජ මාධ්‍ය ද වගකිව යුතුය. සමාජ මාධ්‍ය පාලනය කිරීමත් සමඟ ගැටුම්කාරී තත්ත්වය පාලනය වූ ආකාරය රටම තේරුම් ගත් කාරණයක් වුණා. ඒ වගේම මහනුවර ගැටුම්වලට අනුබල දුන් පිරිස් අතර රජයේ ඇතැමුන් සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා. කොළඹ නගරයේ මෙවැනි ගැටුම් නිර්මාණය කිරීමට ඇතැම් දේශපාලඥයන් උත්සහ දැරුවත් එවැනි අවස්ථා පලනය් කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා කළා.”

මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් රවී කරුණානායක මහතා  කියා සිටියේ තෙල්දෙණිය ප්‍රදේශයේ ගැටුම පිටුපස රජයට සම්බන්ධ ප්‍රබල චරිත සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් සුදූ බැටළුවන් අතර කළු බැටළුවන් ද සිටින බවත්ය.

Rate this item
(0 votes)