August 15, 2018

"නුවර DIG තමයි ප්‍රශ්නයට පැටලෙව්වේ" - මහසෝන් බලකායේ අමිත්ගේ බිරිඳගෙන් හෙළිදරව්වක්

මහනුවර සිද්ධියට අදාළව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර පැතිර වීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස පොලිස් අත්අඩංගුවට පත් ව සිටින මහ සොහොන් බලකායේ සංවිධායක අමිත් වීරසිංහ මහතාගේ බිරිඳ ඊයේ (12)) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී අමිත් වීරසිංහ මහතාගේ බිරිඳ ජයංගනී සිතුමි කුමාරි මහත්මිය මෙසේ අදහස් දැක්විය.

“මගේ මහත්තය මහසෝන් බලකායේ අමිත් වීරසිංහව මේ වෙලාවේ ත්‍රස්තවාදී විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. එයා කාටවත් හානියක් වෙන දේවල් කියලවත්, කරලවත් නැහැ. එයා මේ වෙලාවේ කිසිම කඩවල්, පල්ලි ගිනි තියන්න කියලා සමාජය දැනුවත් කරලා නැහැ. පැමිණිල්ලක් කරා මේ සම්බන්ධයෙන් පොලීසිය පැමිණිල්ලක් ලියා ගත්තේ නැහැ. නුවර DIG මහත්තයා තමයි අමිත් වීරසිංහ ඔයා පොඩ්ඩක් මේ වෙලාවේ මෙතනට එන්න කියලා මේ ප්‍රශ්නෙට පැටලෙව්වේ DIG මහත්තයා කියන එක මම තරයේ කියා සිටින්න කැමතියි. පොලීසියෙන් තමයි මේ වෙලාවේ අමිත් අයියට එන්න කියලා කතා කළේ. පොලීසියේ කට්ටිය මේකට මෙයාව ඇදලා දාලා හැමෝම ඇඟ බේර ගන්න හදන්නේ කියලා මම කියන්නේ. ”

Rate this item
(0 votes)