August 15, 2018

මහනුවර ගැටුමට සම්බන්ධ මන්ත්‍රීන් දෙදෙනා පක්‍ෂයෙන් ඉවතට

මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ඇතිවූ ජාතිවාදී ගැටුම්වලට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ඒකාබද්ධ විපක්‌ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මන්ත්‍රීන් දෙදෙනාගේ පක්‌ෂ සාමාජිකත්වය තහනම් කිරිමේ සූදානමක් පවතින බව වාර්තා වේ.

ඒ අනුව එම යෝජනාව‌ ඉදිරි ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව එම පක්ෂ ආරංචි මාර්ග පැවසී ය.

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙකු සඳහන් කළේ සිංහල, දෙමළ, මුස්‌ලිම් සියලුම ජාතීන් නියෝජනය කරන ජාතික දේශපාලන පක්‍ෂයක්‌ වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට ජාතිවාදී ලේබලය ඇලවීමට කිසිවකුට ඉඩදිය නොහැකි බවයි.

පොලිස්‌ පරීක්‍ෂණවලින් එම මන්ත්‍රීවරුන් දෙදෙනා වැරැදිකරුවන් බව ඔප්පු වුවහොත් ඔවුන්ට දැඩි දඬුවම් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ජනාධිපතිවරයාට බලකරන බවද ඔහු පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)