May 22, 2018

ජල නළ එලමින් සිටි පිරිසකට LTTE නිල ඇඳුමක් හමු වෙයි

යාපනය චාවකච්චේරි මරතඩි ප්‍රදේශයේදී ජල නල පද්ධතියක් එලමින් සිටි පිරිසකට එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් නිල ඇඳුම් කොටසක් හා පුපුරණ ද්‍රව්‍ය කොටස් කිහිපයක් ඊයේ (12) සවස හමු වූ බවට චාවච්චේරි පොලීසිය කියා සිටියේය.

යාපනය ජල සම්පාදන මණ්ඩලයේ කම්කරුවන් පිරිසක් විසින් චාවකච්චේරි මරතඩි ප්‍රදේශයේ ජලනල පද්ධතියක් එලමින් සිටිය දී කම්කරුවෙකු විසින් පළමුව අදාල කොටි සංවිධානයට අයත් නිල ඇඳුම දැක පසුව ඒ බව චාවකච්චේරි පොලීසියට දැනුම් දීමෙන් පසුව පොලිස් නිලධාරීන්ට විසින් කරන ලද සෝදිසිවලදී කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක උඩ කොටසක් හා පුපුරණ දුව්‍ය අඩංගු කැබලි දෙකක් හමු වී ඇත.

අනතුරුව ඒ පිළිබඳව අද (13) යාපනය චාවකච්චේරි පොලීසිය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාල ස්ථානයේදී තවත් එවැනි නිල ඇඳුම් හෝ යුද උපකරණ ඇත්තේද යන්න පිළිබඳව සෙවීමේ කටයුතු සිදු කරන බවට හමු වූ කොටි සංවිධානයට අයත් නිල ඇඳුම් කොටස් හා පුපුරණ දුව්‍ය කොටස් බොහෝ කලක් පැරණි ඉතා දිරාපත් තත්වයේ තිබුනු බවටද පරික්ෂණ සිදු කරන චාවකච්චේරි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 March 2018 11:53