October 17, 2018

ඊලාම් බැංකුවක පාස් පොත් තොගයක් කිළිනොච්චියෙන් මතු වෙයි

කිළිනොච්චියේ වැසියන්ට රුපියල් කෝටි ගණනක් අහිමි කල ඊලාම් බැංකුවක පාස් පොත් ගණනාවක් කිළිනොච්චියේ වළකින් මතු වී තිබේ.

කිළිනොච්චියේ වැසියෙකු වැසිකිළි වළක් කැපීමට ගිය අවස්ථාවේදී පොලිතීන් උරයක බහා වළලා තිබූ මෙම පාස් පොත් තොගය හමු වී ඇත.

කිළිනොච්චිය ඇතුළු උතුරු පළාතේ එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් ඔවුන්ගේ ඊලාම් බැංකු පවත්වාගෙන ගිය කාලයේදී එම බැංකු විසින් විවිධ ගිණුම් වර්ග හදුන්වා දී තිබුණි.

බාල වයස්කාර ගිණුම් සදහා විශාල පොලියක් ලැබුණු අතර උතුරේ රජයේ සේවකයින් මෙන්ම සෙසු පිරිස්ද එකල බාලවයස්කාර ගිණුම් විශාල සංඛ්‍යාවක් පවත්වා ගෙන යන ලදී.

මීට අමතරව ස්ථිර ගිණුම්,ධන යෝජන ගිණුම් ආදී වශයෙන් ගිණුම් ද කාන්තාවන් හා පාසල් ළමයින් වෙනුවෙන් තවත් විශේෂ ගිණුම්ද එම බංකුවල පවත්වාගෙන ගිය අතර උතුරේ වැසියන් එම ගිණුම්වල ආයෝජනය කරණ ලද මුදල් සියල්ලම අපතේ යන ලදී.

යුද්ධය හමාර වීමත් සමගම ඊලාම් බැංකුද අහෝසි වූ අතර එම ගිණුම්ද පලක් නොමැති ගිණුම් බවට පත්වුණි.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 March 2018 11:49