May 22, 2018

ඉදිරි ජනපතිවරණයේ නව නායකත්වය ගැන ඇමැති දිලිප්ගෙන් ඉඟියක්

ඉදිරියේදි එන ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය නව නායකත්වයක් යටතේ තරග කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතා ඊයේ (12) පැවසීය.

ඒ තංගල්ල මැඩිල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
 
‘‘එක්සත් ජාතික පක්ෂය මේ රටේ අනාගතය සඳහාත් පක්ෂයේ අභිවෘධිය සදහාත් දේශපාලනික තීන්දු තීරණ රැසක් ගැනීමට බලා කරනවා . පසු ගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව රාජපක්ෂ කල්ලියේ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩි වී තිබෙනවා. බෙලිඅත්තේ හිටපු මැරයෙකු ගේ පුතෙකු වු පළාත් සභා මන්ත්‍රී කෙනෙක් එයාගෙ නෝනත් සමග අහිංසක බස් රියදුරකුට පහර දෙන  හැටි අපි දැක්කා. පහුගිය ආණ්ඩු කාලයේ බොහෝ අය හැසිරුණේ  ඔය විදියට තමයි. නමුත් අපි අපේ පාක්ෂිකයන්ට එවැනි තත්වයකට වැටෙන්න දෙන්නේ නෑ.‘‘

Rate this item
(0 votes)