December 18, 2018

"ඇමතිවරුන්ගේ කටවල් වහන්න" - ඇල්ලේ ගුණවංශ හිමි ජනපතිගේ මුණටම කියයි

මම ගරු ජනාධිපතිතුමාගේ මුණටම කිව්වා මගෙන් ඇහුව මේ කලබලේ සංදිදුවන්න, මන් කිව්වා ඉස්සෙල්ලාම කැබිනට් එකේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ කටවල් ටික වහන්න කියලා යැයි පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පැවසීය.

ඒ ඊයේ (11) පැවති උත්සව සභාවක් අමතමිනි.

එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දැක්විය.

“මේ රටේ ඉන්න හමුදාපති මහනුවරට ගිහිල්ලා කියනවා මම ආනන්දේ. මම හොඳ බෞද්ධයෙක්ලු. හැබැයි ඒ සමගාමිව ස්වාමීන් වහන්සේලා ගැනත් කියනවා. ඔය හොඳ බෞද්ධයෝ ගැන අපි දන්නවා. ඔය හොඳ බෞද්ධයෝ කොහෙන්ද ආවේ කියලා. ඒක නිසා ඔබලා ඔබලාගේ රාජකාරිය කරන්න අපේ පැති වලට ඇගිලි ගහන්න එන්න එපා. මම ගරු ජනාධිපතිතුමාගේ මුණටම කිව්වා මගෙන් ඇහුව මේ කලබලේ සංදිදුවන්න. මන් කිව්වා ඉස්සෙල්ලාම කැබිනට් එකේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ කටවල් ටික වහන්න. එක පාරක් එක මෝඩ ඇමතිවරයෙක් කිව්වා ඕනේ මෝඩයෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා. මේ පාර කියනවා බෞද්ධයේ සමාව ගත යුතුයි මුස්ලිම් ජාතිකයින්ගෙන් කියලා.”

“අපි මොන වරදක් කරාටද සමාව ගන්නේ? සුළු ජාතිකයින් රැවට්ටුවේ ඒ මිනිස්සු. මුස්ලිම්  ජනතාව රැවට්ටුවේ දේශපාලඥයෝ. විශේෂයෙන් මේ කතා කරපු දේශපාලඥයෝ. ස්වාමීන් වහන්සේලා විවේචන කරනවා එක පිරිසක්. බෞද්ධයා විවේචනය කරනවා තව පිරිසක්. මේක විශාල කුමන්ත්‍රණයක්. 48න් පස්සේ මේ තරම් භික්ෂුව විවේචනය කරපු යුගයක් නැහැ. මේ තරම් බෞද්ධයාට නින්දා අපහාස කරපු යුගයක් නැහැ. මේ තරම් සිංහලයාට පහර වැදුණු යුගයක් නැහැ.” උන්වහන්සේ මෙසේ ද වැඩිදුරටත් අදහස් දැක්වීය.

Rate this item
(0 votes)