December 18, 2018

ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර පොලිස් ප්‍රධානීන් කැඳවයි

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සහ පොලිස් ප්‍රධානීන් අතර සාකච්ඡාවක් අද (12) රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස් නිලධාරීන්ට ඒ සඳහා ආරාධනා කර තිබේ.

මෙහිදී පසුගියදා මහනුවර ප්‍රදේශයේදී ඇති වූ කලහකාරී සිදුවීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත අතර එවැනි සිදුවීම් ඉදිරියේදී වලක්වා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡාවට ගැණෙනු ඇත.

මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂක කටයුතු ඉදිරියට පත්වාගෙන යාම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Rate this item
(0 votes)