August 17, 2018

“රනිල්ගේ කට වචනය මට විශ්වාසයි - ඒත් සිරිසේන කොළ 7ක ලිව්වත් මට විශ්වාස නැහැ” - මහින්ද

සමඟි සන්ධානගත වීම සඳහා යෝජනාවලියක් රැගෙන ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් ඊයේ (13) රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට පැමිණ ඇති බව වාර්තා වේ.

එහිදී “රනිල්ගේ කට වචනය මට විශ්වාසයි. ඒත් සිරිසේන කොළ 7ක ලිව්වත් මට විශ්වාස නැහැ” යැයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දෙමින් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ ඉහත ප්‍රකාශයෙන් අනතුරුව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් තවදුරටත් යෝජනාවලිය සම්බන්ධයෙන් කතා නොකළ බව වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කොට පළාත් පාලන ආයතන වෙත තේරී පත් වූ සාමාජිකයන් පොදුජන පෙරමුණ වෙත ඈදා ගැනීම සම්බන්ධ යෝජනාවලියේ ඇතුළත් කරුණු වලට එකඟ විය නොහැකි බව රාජපක්ෂ මහතාගේ සමීපතම ආරංචි මාර්ග ඔස්සේ දන ගත හැකි විය.

ඔවුන්ට ඔවුන්ගේ සාමාජිකයන් රඳවා ගැනීම අසීරු බවත් ඔවුන් ලද පරාජය නිසා වික්ෂිප්තව සිටින මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් පළාත් පාලන ආයතන පිහිටවූ සැනින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු ඒෂියන් මිරර් සමඟ පවසා සිටියේය.

පාර්ලිමේන්තුවේ දැවැන්ත පිල් මාරුවක් සඳහා මේ වන විටත් ශ්‍රීලනිපය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණ සමඟ සාකච්ජා කරමින් සිටින බවද වැඩිදුරටත් සඳහන් වේ.

Rate this item
(4 votes)
Last modified on Wednesday, 14 February 2018 15:55