May 27, 2018

මැතිවරණයේ ජනමතයෙන් පසු දේශපාලන ප්‍රබලයින් දැන් කියන කතා (VIDEO)

පැවති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණය පිළිබඳව මෙන්ම එමඟින් යහපාලන ආණ්ඩුවට ඇති වී ඇති බලපෑම පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ විය.

ජාතික නිදහස් පෙරමුණ කොළඹදී ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා කියා සිටියේ බැඳුම්කර වංචාකරුවන්ට ජනතාව නිසි පිළිතුරු ලබා දී ඇති බවයි.

මේ අතර මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලීය දෙමාපිය සංසදයේ කැඳවුම්කරු ගැමුණු විජේරත්න මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ සයිටම් සිසුනට සිදු කළ අසාධාරණය හේතුවෙන් ආණ්ඩුවට මෙවැනි තත්ත්වයක් උදා වූ බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඓතිහාසික ජයග්‍රහණයක් මෙවර මැතිවරණයේ දී පොදුජන පෙරමුණ ලබා ගත් බවයි.

මේ අතර හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා තිස්සමහාරාමයේ පිහිටි සිය නිවසේ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ තමා කිසිවිටකත් අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සූදානම් නොමැති බවයි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)