May 27, 2018

වික්‌ටර් රත්නායකගේ බිරිඳට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි අමේන්ද්‍රා මහත්මිය දැඩි කොන්දේසි පනවා ඇප ලබා දීමට තංගල්ල මහේස්ත්‍රාත් මහිල් විජේවීර මහතා 12 වැනිදා පස්වරුවේ නියෝග කර ඇත.

තංගල්ල මහාධිකරණය විසින් කරන ලද නියෝගයක් අනුව රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනකුගේ ඇප බැඳුම්කර මත සැකකාරියට විදේශ ගමන් වලක්වන නියෝගයක් ද මහේස්ත්‍රාත්වරයා එහිදී පනවනු ලැබීය.

එම ඇපකරුවන් දෙදෙනා සැකකාරියගේ පවුලේ සමීප ඥාතීන් විය යුතු බවටද එහිදී කොන්දේසියක් පැනවූ මහේස්ත්‍රාත්වරයා ලබන 16 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කර ඇත.

එම සැකකාරිය වෙනුවෙන් ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කරමින් පෙනී සිටී ජේෂ්ඨ නීතිඥ චමින අතුකෝරල කළ කරුණු දැක්වීම් සලකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය සැකකාරියට ඇප ලබා දීමට තංගල්ල මහේස්ත්‍රාත්වරයාට නියෝග කොට තිබිණි.

වෙනත් පාර්ශවයක් විසින් තමන් සේවය කළ බැංකු ආයතනයේ උකස් කොට තිබූ රන් ආභරණ තොගයක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීමේ චෝදනාව යටතේ ඇය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.

Rate this item
(0 votes)