May 27, 2018

මහින්දගෙන් විශේෂ කමිටුවක්! ජනපතිට සහය දෙන්න ඒකාබද්ධය සූදානම්

පළාත් පාලන මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) කොළඹ, විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිළ නිවසේදී පැවැත්විණි.

ජනාධිපතිවරයා මහ මැතිවරණයක් කැඳවන්නේ නම් ඊට අවශ්‍ය සංශෝධන සඳහා පාර්ලිමේන්තුවේ සහය ලබාදීමට ඊයේ (13) පැවති ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය වී තිබේ.

ඊට අමතරව ඉදිරි දේශපාලන තත්ත්වය සළකා සුදුසු තීරණයක් ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක කමිටුවක් පත් කිරීමටද එහිදී තීරණය වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්ව පැමිණෙන්නේ නම් ඔවුන් සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව වාර්තා වේ.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයේ ඊයේ සවස රැස්වූ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ

“පක්ෂ නායක රැස්වීමේදී දේශපාලන තීන්දු කිහිපයක් ගැන සාකච්ඡා වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත්ව එන්නේ නම් සාකච්ඡා කරන්න සූදානම් කියා ස්ථාවරයේ අපි මුල සිටම සිටියා. ඒ අය එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙනවම් අපට ඊට පස්සේ කරන්න තියෙන දේවල් කතා කරන්න පුළුවන්. මුලික කොන්දේසිය තමයි ආණ්ඩුවෙන් ඉවත්වීම.“

Rate this item
(3 votes)