August 17, 2018

"ඊළඟ පෝය වෙනකොට ලෑස්ති වෙන්න" - මහින්ද ආණ්ඩු පෙරළිය ගැන කියයි (VIDEO)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ ආශීර්වාද බෝධි පුජාවකට සහභාගී වීම සඳහාබෙල්ලන්විල රජමහා විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධර්මරතන හිමියන් බැහැ දුටුවාය.

ඊළඟ පෝය වෙන කොට ලෑස්ති විය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අනතුරුව මාධ්‍ය වෙත හිටපු ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.

“ජනාධිපතිවරයාම කියපු විදියට පළවෙනි මාසේ ඉඳලා හොරකම් කරපු ආණ්ඩුවක්. එවැනි ආණ්ඩුවකට බොහොම පැහැදිලි උත්තරයක් දීලා තියෙනවා. මේ අය හරියාකාරව වටහා ගන්න ඕනේ මොකක්ද මේ ජනතාව දුන්නේ කියලා. එහෙම නැතුව ඔලුව ඉදිමෝගෙන, ආරූඪ කර ගත්ත බලයක් එක්ක, පළිගැනීම් දිගටම කරගෙන ප්‍රජා අයිතිය නැති කරනවා කියලා උදම් වනමින් කරන වහසි බස් නවත්තලා රටේ ජනතාවට යම් සේවයක් කරන්න එයාලා සූදානම් වෙන්න ඕනේ. එහෙම බැරිනම් මහ මැතිවරණයකට යන්නට ඕනේ කියන එක තමයි මගේ අදහස. වසර දෙකක් නෑනේ. ලබන අවුරුද්දේ ඉවරයිනේ. බොහොම කෙටි කාලයයි. එක පෝයයි. ඊළඟ පෝය වෙනකොට ලෑස්ති වෙන්න ඕනේ. අපි ඇත්ත වශයෙන්ම රටක් ගොඩනැගුවනේ. යුද්ධයක් අවසන් කළානේ.”

එම වීඩියෝව පහතින්,

Rate this item
(2 votes)
Last modified on Wednesday, 14 February 2018 10:32