April 22, 2018

ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසී කාන්තාවකට මන්ත්‍රී ධූරයක්

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට ආදිවාසි කාන්තාවක්  පසුගියදා පැවැත් වු පළාත් පාලන මැතිවරණයට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් දෙහිඅත්තකන්ඩිය හේනානිගල දකුණ සහ උතුර බහු ආසනයයෙන් ජය ලැබුවාය.

ඩබ්. එම් ශිරෝමාලා  නම් අපේක්ෂිකාව ඡන්ද 1369ක් ලබා ගනිමින් මෙරට ඉතිහාසයට එක් වන්නේ ප්‍රථම ආදිවාසි මහජන නියෝජිතවරිය ලෙසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා සිටියේ තම වැදි ජනතාව වෙනුවෙන් තම සංස්කෘතිය සහ ආගම වෙනුවෙන් කටයුතු කරන බවයි. තමන් පළාත් සභා මැතිවරණයටත්, පාර්ලිමේන්තු මැතිවරණයටත් ඉදිරිපත් වීමට අපේක්ෂා කරන බව තවදුරටත් පැවසුවාය.

 

Rate this item
(0 votes)