February 25, 2018

මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී බෝම්බයක් පුපුරයි

මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී ඊයේ (12)රාත්‍රියේ කසල ගොඩකට ගිනි තැබීමෙන් එහි තිබූ ආර්.පී.ජී වර්ගයේ බෝම්බයක් පුපුරා යාමෙන් අසල නිවාස කිහිපයකට හානි සුදුව ඇති බවටත් පුද්ගල හානි කිසිවක් වාර්තා වී නොමැති බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

මුල්ලි වයික්කාල් ප්‍රදේශයේ වැසියෙකු විසින් ගෙවත්තක පිහිටි කසල ගොඩකට කසල රැස් වීමෙන් පසුව එයට ගිනි තබා ඇති අතර කසල ගොඩ යට තිබූ ආර්.පී.ජී. බෝම්බයක් තිබී විශාල ශබ්දයක් සමග පුපුරා ගොස් ඇති අතර බෝම්බය පිපිරී යන අවස්ථාවේදී කසලගොඩ ආසන්නයේ කිසිවෙකුත් නොසිටීම නිසා කිසිවෙකුටත් හානියක් සිදු නොවී ඇති අතරම බෝම්බය පිපිරී බෝම්බ කෑලි තොගයක් අසල නිවෙස් කිහිපයකට වැදී සුලු හානි සිදුව ඇති බවටද මුලතිව් පොලීසිය කියාසිටියේය.

කෙසේවෙතත් පුපුරා ගිය අදාල ආර්.පී.ජී. බෝම්බය යුද සමයේදී වලදැමූ බෝම්බයක් බවටත් කසල ගොඩට ගිනි ගැනීමෙන් ඇති වූ පීඩනය හේතුවෙන් බෝම්බය පුපුරා යන්නට ඉඩ ඇති බවට පරික්ෂණ සිදු කළ මුලතිව් පොලීසිය සැක පල කර සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)