July 23, 2018

මහා ශිව රාත්‍රි දිනය අදයි

ලොව පුරා වෙසෙන හින්දු භක්‌තිකයෝ මහා කරුණාවන්ත වූ ශිව දෙවියන් වෙනුවෙන් පුද පිළිවෙත් ඉටු කරමින් මහත් හරසරින් යුක්‌තව අදට (13) යෙදෙන මහා ශිව රාත්‍රි දිනය උත්සවශ්‍රීයෙන් සමරති.

මෝහාන්ධකාරය දුරු වී ප්‍රඥලෝකය දැල්වේවායි ප්‍රාර්ථනයෙන් යුතුව අද රාත්‍රිය පුරා හින්දු භක්‌තිකයෝ උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියාවල නිරත වෙති.
 
එලෙස ශිව රාත්‍රිය අර්ථවත්ව ගත කිරීමෙන් අධ්‍යාත්මික විමුක්‌තිය උදා වන බව ඔවුන්ගේ විශ්වාසය වේ. මහා ශිව දෙවියන්ගේ නර්තනය සිදු වූ රාත්‍රිය ද මෙදින බව ඔවුන්ගේ විශ්වාසයයි.

 

 

 

Rate this item
(0 votes)