February 25, 2018

නාමල්ගේ විදෙස් ගමන් තහනමත් තාවකාලිකව ඉවතට

නාමල් රාජපක්ෂ මහතාට  පනවා තිබූ  විදේශ ගමන්  තහනම තාවකාලිකව ඉවත් කර ඇත. 

ක්‍රිෂ්  ගනුදෙනුවට අදාළ විමර්ශනවලදී  පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව  ඉවත් කරමින් කොළඹ කොටුව මහේත්‍රාත් අධිකරණයේදී අද  කොළඹ කොටුව මහේස්ත්‍රාත්  ලංකා ජයරත්න  ලංකා ජයරත්න මෙනවිය විසින් මෙම අවසර ලබාදීම සිදු කර ඇත.      

පෙබරවාරි 24 සිට මැයි 18 දක්වා පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු තරුණ සමුළුවටත්  නේපාලයේ සහ රුසියාවේ පැවැත්වෙන තරුණ සමුළු සඳහා සහභාගීවීමට අදාළව මෙම විදේශ ගමන් තහනම ඉවත් තරන ලදී.   

නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ සම්පත් මෙන්ඩිස් සහ නීතිඥ ප්‍රේමනාත් දොළවත්ත යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ. 

 

Rate this item
(0 votes)