July 22, 2018

අද කාලගුණය වෙනස් වෙන්නේ මෙහෙමයි

අද දිනෙන්  පසු දිවයින පුරා දැනට පවතින වැසි තත්වයේ අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බවත් නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල  දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 02.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

ඌව පලාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වන බවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ  හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින්  හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වන අතර මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු  ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. 50 ක් දක්වා වැඩි විය හැකි අතර එවිට‍ එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Rate this item
(0 votes)