December 13, 2018

"බැඳුම්කර කොමිසම ගැන අපට සැකයක් නැහැ" - සුසිල් ප්‍රේමජයන්ත

පක්ෂයක් හැටියටත් ඒ වාර්තාව සම්බන්ධයෙන් සහ කොමසාරිස්වරුන්ගේ දැනුම සම්බන්ධයෙන් ඒ පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැයි කියන එක මම පැහැදිලිව කියන බව තාක්ෂණ, අධ්‍යාපන රැකියා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“දැන් මේ කොමිසම යනකොට අපි දැක්කා සමහර සාක්ෂිකරයින් ආපු තර්ජන. සමහර සාක්ෂි වසන් කරන්න දරන ප්‍රයත්නයන්. සාක්ෂි සඳහා ආරක්ෂක විධි විධාන අරගෙන තමයි මේ පබ්ලික් ඩොකියුමන්ට් එකක් බවට පත් වෙන්න ඕනේ කියන මතයේ ඉගෙන තමයි නීතිපති තුමා උපදෙස් දීලා තිබුණේ සතියක කාලයක් අවශ්‍යයි කියලා. ජනාධිපති කොමිසම් සභාවේ කොමසාරිස් කවුද? පළපුරුදු ජේෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවන් දෙදෙනෙක් සහ විශ්‍රාම ලත් විගණකාධිපතිවරයෙක්. කවුරුහරි කියනවා නම් මේගොල්ලන්ට මේ විශේෂඥ දැනුමක් නැත. එහෙනම් ඒක කියන්න තිබුණේ කොමිසම පත් කරපු වෙලාවෙනේ. ජුරි නඩුවක තීන්දුව ගන්නේ කවුද? ජූරියේ හත්දෙනානේ තින්දුව ගන්නේ වැරදිකාරයද නැද්ද කියලා. තමන්ගේ විෂය පථය දැනගෙන කතා කරන්න. නැත්තම් දන්න කෙනෙක්ගෙන් අහගෙන කතා කරන්න. මන් නීතිඥක්නේ. මන් ගියොත් දොස්තරගේ වැඩේ කතා කරන්න. ඔය වගේ වැඩක්නේ වෙන්නේ. අපි පක්ෂයක් හැටියටත් ඒ වාර්තාව සම්බන්ධයෙන් සහ කොමසාරිස්වරුන්ගේ දැනුම සම්බන්ධයෙන් ඒ පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැයි කියන එක මම පැහැදිලිව කියනවා.”

Rate this item
(0 votes)