October 16, 2018

තෛපොංගල් දිනය අදයි

ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයන් විසින් සමරනු ලබන තෛපොංගල් උත්සවය අදට (14) යෙදී තිබේ.

සූර්ය වන්දනාව මූලික කර ගත් අස්වනු නෙලිමේ මංගල්‍ය හෙවත් තෛපොංගල් උත්සවය ශත වර්ෂ ගණනාවක සිට හින්දු භක්තිකයින් මහත් හරසරින් සමරනු ලැබේ.

නෙළා ගත් අස්වැන්නේ මුල් කොටස හිරු දෙවියන්ට පූජා කිරීම මෙහි සුවිශේෂී කාර්යයකි. හින්දු බැතිමතුන් මේ උත්සවයට ස්වභාව ධර්මයා සමග බද්ධව කරන පූජෝත්සව අතුරින් ලබා දෙන්නේ ප්‍රමුඛ ස්ථානයකි.

වී අස්වැන්න නෙළීමෙන් ගත් අලුත් සහල් ද, අලුත් උක් ගසකින් ගත් පැණි ද, එළකිරි යෙදූ කිරිබත් ද, මංගල ද්‍රව්‍යයක් ලෙස කහ පිඩක් ද හිරු දෙවියන්ට පුද කිරීම තෛපොංගල් උත්සවයේ මූලික චාරිත්‍ර කිහිපයකි.

 

Rate this item
(0 votes)