June 21, 2018

2020 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මහනුවර අධිවේගය විවෘතයි

කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය 2020 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර විවෘත කිරීමට බලාපොරොත්තු වන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ගනේමුල්ල ගුවන් පාලම විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ අදහස් දැක්වීය.

“දැනට කොළඹ  - මහනුවර අධිවේගී මාර්ගයේ තැනීම් කටයුතු ආරම්භ කොට තියෙනවා. එහි කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදි කිරීම් චීන සමාගමකට භාර දී තිබෙනවා. මීරිගම සිට කුරුණෑගල දේශීය කොන්ත්‍රාත් සමාගමකට ලබා දී තිබෙනවා. තුන්වන කොටස පොතුහැර සිට ගලගෙදර දක්වා ජපන් සමාගමකට භාර දී තියෙනවා. මේ අධිවේගී මාර්ගය 2020 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා”

Rate this item
(1 Vote)