December 12, 2018

ජන්ද නිරීක්ෂකයින් 7000ක්

මෙවර පළාත් පාලන ජන්ද විමසීම සඳහා නිරීක්ෂකයන් 7000 කට ආසන්න සංඛ්‍යාවක් යොදවන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එහි අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මේ දක්වා මැතිවරණ පැමිණිලි 243ක් ද තම සංවිධානය වෙත ලැබී ඇති බවයි.

මේ අතර පළාත් පාලන ජන්ද විමසීමට අදාළව පැමිණිලි 138ක් මේ වන විට පොලිස් මැතිවරණ කාර්යාංශයට ලැබී ඇත.

Rate this item
(1 Vote)