January 19, 2018

කොළඹ මහ නගර සභාවේ දූෂණ හෙළිකිරීමට පොහොට්ටුව සැරසෙයි

කොළඹ නගර සභාවේ සිදුව ඇති දූෂණ වංචා රැසක් සම්බන්ධව ඉදිරි දින කිහිපයේදී හෙළිදරව් කරන බව එම නගර සභාව සඳහා ඒකාබද්ධ පොදුජන පෙරමුණෙන් තරඟ කරන අපේක්ෂකයෝ පිරිසක් කොළඹදී ඊයේ (11) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසූහ.

පසුගිය කාලය පුරා නගර සභාව සිදු කළ ව්‍යාපෘති රාශියක මුල්‍ය අක්‍රමිකතා සිදුව ඇති බවත් හිටපු නගරාධිපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා සහ වත්මන් කොමසාරිස්වරයා මේවායේ වගකීම භාර ගත යුතු බවත් ඔවුහු ප්‍රකාශ කළහ.

මෙම මාධ්‍ය හමුවට එක්වූ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහදගම මහතා ඇතුළු පිරිස වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විට කොළඹ නගරය කුණු ගොඩක් බවට පත් වී තිබෙන බවත්, නගර සභාව පාලනය කරන නිලධාරින්ට කිසිදු සැලැස්මක් නොමැති බවත්ය.

Rate this item
(0 votes)