April 20, 2024

ජනපති ලබාදුන් ඇතැම් පොරොන්දු කඩවෙලා - එජාප ඇමැතිගෙන් දෝස්මුරයක්

පිරිසිදු දේශපාලන ව්‍යුහයක් ගොඩනැඟීම වෙනුවෙන් ජනතාවට ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දු ඇතැම් අවස්‌ථාවල කඩ වී ඇති බව වාරිමාර්ග සහ ජල කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්‌ඩාර මහතා පැවැසීය.

ඒ පසුගියදා වැනිදා නවගත්තේගමදී පැවැති එක්‌සත් ජාතික පක්‍ෂ බල මණ්‌ඩල රැස්‌වීම අමතමිනි.

ගුරුවරුන් දණ ගැස්‌සවූ දේශපාලකයන් ඇතුළු දූෂිතයන්ට ආසන සංවිධායක ධුර පිරිනැමීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය කටයුතු කර තිබීම කනගාටුවට කරුණක්‌ බවත් එය දේශපාලනයේ අනාගතයට නරක පූර්වාදර්ශයක්‌ බවත් හෙතෙම සඳහන් කළේය.

දූෂණයට අසාධාරණයට විරුද්ධව හඬ නැගූ ජනාධිපතිවරයා විසින්ම දූෂිත යැයි ඔප්පු වූ පුද්ගලයකු ආණමඩුව සංවිධායකවරයා ලෙස පත් කිරීම සාධාරණ නොවන බවත් රටේම ජනතාව එවැනි දේ අනුමත නොකරන බවත් ඇමැති රංගේ බණ්‌ඩාර මහතා කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා සිය අපේක්‍ෂකයන් සමඟ විවිධ ස්‌ථානවල ප්‍රතිඥා ලබා දෙමින් දූෂණය, හොරකම්, වංචා සිදු කරන්නේ නැතැයි පැවසුවත් ඔවුන් කළ කී දැ පිළිබඳව ජනතාවට අවබෝධයක්‌ ඇති බව ද හෙතෙම කීවේය.

වැරදි නොකරන්නේ නම් දිවුරන්න හෝ ප්‍රතිඥා ලබා දෙන්නත් අවශ්‍ය වන්නේ නැති බවත් අද පවතින දේශපාලන තත්ත්වයේ සත්‍ය කුමක්‌ දැයි මේ හරහා ජනතාවට තේරුම් ගැනීමට අපහසු නොවන බවත් ඇමැතිවරයා පැවැසීය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 14 January 2018 15:24