October 16, 2018

මිලියන 75 කට අධික මුදලක් අයථා ලෙස උපයලා - විමල් වීරවංශට අධි චෝදනා පත්‍ර බාරදෙයි

අමාත්‍යවරයකු ලෙස සිටිය දී සිය වත්කම් සහ ආදායම් වලින් සොයා ගත නොහැකි රුපියල් මිලියන 75 කට අධික මුදල් හා දේපල වල හිමිකරුව සිටිම සම්බන්ධයෙන් හිටපු ඇමැති විමල් වීරවංශ මහතාට එරෙහි අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් ඔහුට බාර දෙන ලදී.

රුපියල් ලක්ෂ 5 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත ඔහු මුදා හළ විනිසුරුවරයා ලබන මස 19 වැනි දා පෙනී සිටින ලෙස විමල් වීරවංශ මහතාට නියම කැරිණි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 January 2018 12:38