October 16, 2018

මැතිසබේ ගාලගෝට්ටියට වගකිව යුත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය - එජාප මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමට පැහැදිලිවම වගකිව යුත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය බවත් පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියටද ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේද ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් බවත් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විඡේසිරි මහතා අවධාරණය කළේය.

ඔහු මේ බව අවධාරණය කළේ ඊයේ (10) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පාර්ලිමේන්තුවේ ඇතිවූ ගුටිබැට හුවමාරුව පිළිබඳ කරුණු දැක්වීමේ මාධ්‍ය හමුවේදීය.

එම මාධ්‍ය හමුවට එජාප මන්ත්‍රීවරුන් වන එස්‌. එම්. මරික්‌කාර්, චමින්ද විඡේසිරි සහ හෙක්‌ටර් අප්පුහාමි යන මහත්වරුන් සහභාගී වී සිටියහ.

තමන් ඇතුළු කණ්ඩායම සෙංකෝලය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කළ බවත් තමන්ට අවශ්‍ය වූයේ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කිරීම බවත් පෙන්වා දුන් හෙක්‌ටර් අප්පුහාමි මහතා ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා ඔහුගේ තත්ත්වය, වසය නොදැන මරික්‌කාර් මන්ත්‍රීවරයාට පහර දුන් බවත් එම පහරදීමෙන් පසු පාර්ලිමේන්තුවේ ලොකු කලබැගෑනියක් වූ බවත් කියා සිටියේය.

Rate this item
(0 votes)