December 15, 2017

"අවශ්‍ය වෙලාවට අවශ්‍ය පක්ෂයෙන් තරඟ බිමට එනවා" - ශාන්ත බණ්ඩාර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් එක් දිස්ත්‍රික්කවල ඇති සංවිධාන හා පක්ෂ සමඟ සන්ධාන ගත වෙමින් සියලූම පළාත් පාලන ආයතන සඳහා ඉදිරි මැතිවරණයේ දී තරග කිරීමට මධ්‍යම කාරක සභාව විසින් තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඒ අනුව විශේෂයෙන් පක්ෂයේ ලකුණ වශයෙන් අත හෝ බුලත් කොළය වශයෙන් වෙනස් විය හැකි බව ද එය ඉදිරියේ දී ජනාධිපතිවරයාගේ මුලිකත්වයෙන් ප්‍රකාශ කරන බව ද බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිවරයාට අද වන විට පිරිසුදු රාජ්‍ය පාලනයක් සිදු කිරීමට අවශ්‍ය වී ඇති බවත් එයට අවශ්‍ය ලෙස පිරිසිදු පාලනයක් සඳහා අවශ්‍ය නායකත්වයන් ජනාධිපතිවරයා විසින් ඉදිරියේ දි යෝජනා කරන බව ද ඔහු කියා සිටියේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන යන වැඩපිළිවෙල පුස්සක් බව ගමින් ගමට ගොස් පසුගිය කාලය පුරා දැනුවත් කළ බවත් ඒ බව ඊයේ (05) දිනයේ දී වීරකුමාර දිසානායක මහතා සියලු දේ සංක්ෂිප්ත කර පැවසීම තුළ අන්තර්ගත වී තිබු බව ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

අවසාන ප්‍රතිඵලය ලෙස ජනතාව බලාපොරොත්තු වන පිරිසිදු පාලනයක් ලබා දිය හැකි ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ගමේ නායකයන් බිහි කිරීමට කටයුතු කරන බව ද බණ්ඩාර මහතා කියා සිටියේය.

සමහර අවස්ථාවලදී ඒකාබද්ධ විපක්ෂය නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉදිරි ගමනක් නොමැති බව පසුගිය කාලය පුරා පැවසු නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ වශයෙන් ඉදිරියේ තවත් හෝරා කිහිපයක් තිබෙන බැවින් ශ්‍රීලනිපය කඩන්න හදන සියලු දෙනාට, රට දිනවන්න එකතු වන ලෙස ද ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

 

Rate this item
(1 Vote)