February 26, 2020

අයහපත් කාලගුණය නිසා ප්‍රදේශ කිහිපයක පාසල් අද වසා දමයි

බස්නාහිර, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල සියලු පාසල් අද (30) දිනයේ වසා තැබීමට තීරණය කර ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ තිබෙන තද සුළං තත්ත්වය හේතුවෙන් දේපොළ හානි රැසක් වාර්තා වී ති බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවුයේ දිවයිනේ දකුණු සහ නිරිත දිග ප්‍රදේශවල සුලන්ගේ වේගය පැයට කිලෝමීටර් 80 දක්වා ඉහළ යා හැකි බවයි.

දිවයිනේ දකුණු පළාතට අයත් ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවලට ඊයේ රාත්‍රියේ සිටම වර්ෂා සහිත කාලගුණයක් පවතියි.

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය සහ ගාල්ල කොළඹ දුම්රිය මාර්ගවල ද ගමනාගමනයට ගස් කඩාවැටීම හේතුවෙන් අවහිරතා ඇති වී ඇති අතර මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වැය හේතුවෙන් ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් ඇති වී ඇති බව වාර්තා වේ.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ උඩරට දුම්රිය මාර්ගයේ 145 වන සහ 147 වන සැතපුම් කණු අතර කොටසේ පස් කඳු කඩා වැටීම් 5ක් සිදුව ඇති බැවින් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු නානුඔය දක්වා පමණක් සිදු කෙරෙන බවයි.

ඊයේ පස්වරුවේපැවති අධික වර්ෂාපතනය සහ තද සුළං තත්ත්වය හේතුවෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයටද ගස් කඩා වැටී තිබිණි.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතු වී තිබුණද අවහිරතා මඟ හරිමින් දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දිවයිනේ දකුණු සහ නිරිත දිග ප්‍රදේශවල ඉදිරි පැය 12ක කාලය තුළ පැයට කිලෝමීටර් 80ක පමණ ඉතා තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි.

දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්‌ථානව මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසිද අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසිද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 November 2017 09:06