February 26, 2020

“යුද්ධය දිනපු නායකයා ගෝඨා“ - මර්වින් ගෝඨාගේ පැත්ත ගනී

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අදහස් පළ කළේය.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (28)  හිටපු අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේදීය.

එහිදී මර්වින් සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය.

“ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අත්අඩංගුවට ගන්නවා කියන එකට මන් එකඟ වෙන්නේ නැහැ. ඒකට මට කියන්න තියෙන්නේ මෙච්චරයි. දුටුගැමුණු මහ රජතුමා යුද්ධය දිනලා, මහා භාණ්ඩාගාරය ඇරලා ජනතාවට ඕනේ දෙයක් ගෙනියන්න කිව්වා. ඒ යුද්ධෙන් ඒ මිනිස්සු පීඩාවට ලක් වුණු නිසා. ඒ මනුස්සයා හිර භාරයට ගන්න කියලා නියෝගයක් දෙනවා නම් එදා හිටපු කට්ටිය  භාණ්ඩාගාරය මෙහෙම කරයි කියලා ඒ වගේ දෙයක් තමයි ගෝඨාභය රාජපක්ෂ මේ යුද්ධය දිනපු නායකයා හිර භාරයට ගන්න එක. ඒකට මන් විරුද්ධයි. සම්පුර්ණ වැරදියි. මම රුහුණේ කෙනෙක්. මන් බෙලිඅත්තේ. අපි රාජපක්ෂලත් එක්ක හිටියේ. ගෝඨාභය රාජපක්ෂ ඇතුළට ගන්නවයි කියන්නේ රුහුණුකරයේ ජනතාව පොදිබැඳගෙන ඒවි කොළඹට.”

Rate this item
(0 votes)