February 29, 2020

මැතිවරණය කල් දැමීමට එරෙහි ජවිපෙන් නීතිඥ කණ්ඩායමක් අභියාචනාධිකරණයට

ජනතා විමුක්ති පෙරමුණ අපේ පාර්ශවයෙන් නීතිඥ කණඩායමක් අපි ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී අනුර කුමාර දිසානායක මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ 93 මැතිවරණය එළියට ආවාමත් කලබලයට පත් වෙලා තමයි සාකච්ජා වේගවත් කරමින් තිබෙන්නේ, මුණ ගැසීම් වේගවත් කරමින් තිබෙන්නේ. පෙරේදා රෑත් හම්බු වෙනවා, අද උදෙත් හම්බු වෙනවා. අපිට කමක් නෑ එකතු වෙනවද නැද්ද ඒක ඒගොල්ලන්ගේ දේශපාලන තීරණයක්. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් මේකට පොඩි හීන් කෙදිරියක් දානවා. මොකද ඔවුනුත් කල්පනා කරනවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පිට පටවා පස්සට යනවා නම් හොදයි කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයලගේ පාර්ශවයෙන් හැමදාම තිබුණ උපක්‍රමය තමයි ඒගොල්ලෝ ඕනේ කියනවා, හැබැයි නොලැබෙනවා නම් හොදයි කියලා හිතනවා.”

“ඒ නිසා ඔවුනුත් මේ කල් යාමට යම් යටි හිතින් සතුටක් තමයි ප්‍රකාශ කරමින් තිබෙන්නේ. නීතිපති තුමා විසින් ඊයේ දිනයේදී අභියාචනාධිකරණයට මෝසම් එකක් ගොනු කරලා 30 වෙනිදා මේ නඩුව අභියාචනාධිකරණය හමුවට ගන්නා බව. එතකොට එහිදී ජනතා විමුක්ති පෙරමුණ අපේ පාර්ශවයෙන් නීතිඥ කණඩායමක් අපි ඉදිරිපත් කරනවා ඒ නඩුව යුක්තිසහගත නඩුවක් නෙවෙයි මැතිවරණය කල් දමා ගැනීම සදහා දරන වංක උත්සහයක්. හැබැයි මෙය නඩු කටයුත්තක් ලෙස ඇදෙනවා නම් එය මැතිවරණය කවදා පවත්වෙයිද කියලා හිතාගන්න බැරි කාලයක් මේක ඇදීමේ අනතුරක් තියෙනවා. ඒ නිසා මේ කරන්න හදන ප්‍රයත්නය මේ මොහොතේ පාරේ බේර ගන්න ඕනෙකම් තියෙනවා.”

Rate this item
(0 votes)