November 22, 2017

විභාග කොමසාරිස් තනතුරෙන් ඉවතට

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබේ.

ඒ අනුව ඔහු අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කළ බව අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ඉකුත් දිනවල විභාග වංචා හා අක්‍රමිකතා රැසක් වාර්තා විය. ඒ පිළිබඳව පැවැත්වූ පරීක්ෂණවලින් පසු රහස්‍ය අංශයේ ප්‍රධානියාගේද වැඩතහනම් කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාද වග කිව යුතු බවට චෝදනා එල්ල වී තිබිණි. ඒ අනුව පැවැත්වූ පරීක්ෂණයේ නියමයන් අනුව කොමසාරිස්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අද ඉවත් කර තිබේ.

Rate this item
(0 votes)