November 22, 2017

“මේ කුමන්ත්‍රණය ලඝු කරන්න එපා“ - නාග විහාරයට පැමිණි මැර කණ්ඩායම් ගැන විශේෂ පරීක්ෂණයක් ඉල්ලයි

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගුණානුස්මරණ උත්සවයේදී ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයෙන් පසුව උන්වහන්සේ වැඩ සිටි විහාරයට මැර කණ්ඩායමක් පැමිණීම පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ ඊයේ (13) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදීය.

එහිදී බන්දුල ගුණවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය.

“කුමන්ත්‍රණයක් එළියට දානකොට ප්‍රශ්න මතු වෙනවනේ.ප්‍රශ්නය මතු වෙන්නේ අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේ පදනම් කරගෙන.උන්වහන්සේගේ ගුණානුස්මරණය වෙනුවෙන් තමයි පිළිරුව ඉදි කරන්න ජනාධිපතිතුමා පැමිණියේ.එතැනදී එතුමා කළ කතාව ඓතිහාසික වැදගත්කමකින් යුත් කතාවක්.එතුමා කිව්වා දවල් මහ බැංකුවේ ඇති වෙච්ච මහා මුදල් මංකොල්ලයේ හොරු පිලිබඳ සොයා බලන්න කොමිසමක් පත් කළාම ඇතුලේ අයම මඩ ගහනවා කියලා.එතුමත් ඉදිරිපිට පොලිස්පතිතුමත් ඉදිරිපිට සාකච්ජාවේදී මහාචාර්ය සරත් විජේසූරිය කිව්වා මේ පොලීසිය නිදිකිරා වැටෙනවා,භාවනා කරන පොලිසියක් කියලා,ප්‍රශ්නවලට මැදිහත් වෙන්නේ නෑ කියලා.”

“ඒ ඉවර වෙලා උන්වහන්සේ වැඩ සිටි නාග විහාරෙට පොලීසිය  සිතාසි අරගෙන එනකොට මැරයොත් එක්ක එන්නේ ඇයි?මැරයෝ පැනලා ගෞරවණිය ස්වාමීන්වහන්සේලාගේ කාමර කඩද්දී, මෝටර් වාහනවලට අලාභ කරද්දී පොලීසිය ඒ අය එක්කෙනෙක්වත් අත්අඩංගුවට අරන් තියෙනවද?නාගවිහාරයේ ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරියා ඇතුළු සියලුම පොලිස් නිළධාරීන් මිරිහාන පොලීසියට ආපහු ගිහිල්ලා තියෙන්නේ කොහොමද?ඒ නිසා තමයි මම කියන්නේ මේ කුමන්ත්‍රණය පිලිබඳ ලඝු කොට තකන්නේ නැතුව අතිගරු ජනාධිපතිතුමා විසින් විශේෂ කමිටුවක් පත් කරලා සොයා බලන්න ඕනේ නාගවිහාරයට මැර කණ්ඩායම් ඇවිල්ලා දේපළවලට අලාභ හානි කරලා සාංඝික දේපළ විනාශ කළේ කෙසේද කියන එක.”එහිදී ඒ මහතා මෙසේද වැඩිදුරටත් අදහස් දැක්වීය.

Rate this item
(0 votes)