November 22, 2017

අයවැය පාර්ලිමේන්තුවට කලින් IMF එකට කියෙව්වා - ජවිපෙන් හෙළිදරව්වක්

අයවැය පාර්ලිමේන්තුවට කලින් IMF එකට කියෙව්ව බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසයි.

අයවැය දෙවනවර කියවීමේ තුන්වන දින වන ඊයේ (13) පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“යුද්දෙන් දුප්පත් වෙච්ච උතුරට වඩා දුප්පත් යුද්දේ නොතිබිච්ච ඌව.එතකොට වැඩිම හානිය ජනතාවට කරලා තියෙන්නේ කවුද?බෙදුම්වාදී එල්ටීටීඊ සංවිධානයද? නැත්තම් ලංකාව පාලනය කරලා තියෙන ආණ්ඩුද?මංගල සමරවීර ඇමතිතුමා අපිට ඉදිරිපත් කළේ නොවැම්බර් මාසේ නව වෙනිදා වුණාට මේ අයවැය IMF එකට කියවපු දිනය තියෙන්නේ ඔක්තෝබර් 16 කියලා.හිල්ටන් හොටෙල් එකේ.ඉතිරි කොටස් ආණ්ඩුව විකුණනවද නැද්ද?මත්තල ගුවන් තොටුපල විකුණනවද නැද්ද?ඒවා විකුණනවා.හැබැයි අපිට මේ අයවැය ලේඛනය බැලුවම ගරු කතානායකතුමනි ඒ පුද්ගලීකරණ ආදායම් අපට පෙන්නේ නෑ.අපට විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ.අපි මේ විදේශ ආයෝජකයෝ වෙනුවෙන් අපි රෙදි නැතුව විදී ගණිකාවෝ වගේ පස්සෙන් යනවා අනේ අපේ ලඟට එන්න කියලා.එන්නේ නැහැ.ඔබතුමාගේ නීල හරිත අයවැය ගැන කියද්දී නීල හොරු දැන් හරිත ඇමතිවරුන්ගේ ගෙවල්වල හැංගිලා ඉන්නවා කියලා ජනාධිපතිතුමා කියන්නේ.”

Rate this item
(0 votes)