November 22, 2017

“රාජපක්ෂ ගෙදර ගියා හොරකම මහ බැංකුවට ගියා“ - ජවිපෙ දැන් කියන කතාව (VIDEO)

රාජපක්ෂ ගෙදර ගියා හොරකම මහ බැංකුවට ගියා යැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී  සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මහින්ද ගෙදර ගියාට හොරකම ගෙදර ගියේ නෑ.කට්ටිය හිතුවා රාජපක්ෂ ගියාම හොරකමත් යයි කියලා.රාජපක්ෂ ගියා.හොරකම මහ බැංකුවට ගියා.මහ බාණ්ඩාගාරය කියන්නේ මහ අටුව.එකටත් හොරු පැන්නා.සුද්ද කර ගත්තා.ඒ මහ බැංකුව භාර දුන්නේ ස්වදේශික වැසියෙකුට නෙවෙයි අර්ජුන මහේන්ද්‍රන් නැමැති සිංගප්පුරු වැසියෙකුට.එන්න කීවා.භාර ගන්න කීවා.රවීට ගෙයක් අරන් දෙන්න කීවා.මහින්ද පැරදුනාට හොරකම පැරදුණේ නැහැ.මිනිස්සු මාරු කරලා හරි යන්නේ නැහැ.පාර මාරු කරන්ට.පාලකයන්ට හිතවත් සංවර්ධනය.අධිවේගී මාර්ග හැදුවම පොම්ප වෙනවා කෝටි ගණන අධි වේගයෙන් ඇල්ලක ගෙදරට.කිරි වැක්කෙරෙනවා එහාට.මහා පරිමාණ ව්‍යාපෘතිවල මහා පරිමාණ හොරකම් ගැබ් වෙලා තියෙනවා.ඒ කාලේ පුංචි කොන්ත්‍රාත් දෙකක් පුංචි හොරකමක්.මදි හින්දා ලොකු ව්‍යාපෘති, මෙගා ව්‍යාපෘති එනවා.වරාය නගර, අධිවේගී මාර්ග, උමාඔය ව්‍යාපෘතිය. ඒ වගේ ලොකු ඒවා එනවා එතකොට ඉක්මණට ලොකු වෙන්න පුළුවන්.ඒවට ලොක්කෝ කැමතියි.පොඩ්ඩෝ ඉවසනවා.ආන්න ඒකට කියන්නේ එක කාලෙකට සුභ අනාගතය,තව කාලෙක ආශ්චර්ය,දැන් යහපාලනය”

 

Rate this item
(0 votes)