November 22, 2017

රාජිතගේ ක්‍රියාකලාපයෙන් “සයිටම් අහෝසිය“ දිග් ගැස්සෙයි

සයිටම් ආයතනය අහෝසි කල බවට රජය තීරණයක් ගෙන ඇත්නම් එහි දෙගිඩියාවක් තිබිය නොහැකි බවත් නමුත් එම දෙගිඩියාව රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය නිසා දිග්ගැස්සෙන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පවසයි.

සයිටම් ආයතනය අහෝසි කල බවට වන රජයේ ස්ථාවරය ඊයේ(13) දිනයේද ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් නොවූ බව හෙතෙම චෝදනා කරයි.

ඊයේ පැවැති නඩු විභාගයේදී ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ පෙත්සම ලබන 21 වැනිදා යළි කැඳවන ලෙසයි.

මාළඹේ සයිටම් ආයතනයේ සිසුන් දෙදෙනෙකු අභියාචනාධිකරණයේ ගොනුකර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් දුන් නියෝගය බල රහිතකරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොණුකර තිබූ පෙත්සම් ඊයේ විභාගයට ගෙන තිබිණි.

එහිදී රජය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණය වෙත දැනුම් දුන්නේ ජනාධිපතිවරයා සයිටම් ගැටළුව විසදීමට පත්තර ඇති දෙවන කමිටුවේ නිර්දේශ ලැබෙන තෙක් මෙම පෙත්සම සලකා බැලීම කල් දමන ලෙසයි.

ඒ අනුව නොවැම්බර් 21 වෙනිදා මෙම පෙත්සම නැවත සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේය.

Rate this item
(0 votes)