November 22, 2017

මත්පැන් සමාගමක් කෝටි 300ක බදු මුදල් ගෙවීම පැහැර හැරලා

මත්පැන් නිෂ්පාදන සමාගමක් රජයට ගෙවිය යුතු බදුවලින් රුපියල් කෝටි 300ක මුදලක් ගෙවා නැතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මේ වන විට සොයා බලමින් සිටින බවද වාර්තා වෙයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාද ගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී අයවිය යුතු බදු මුදල් ගැන ප්‍රකාශ කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)