April 24, 2024

නැගෙනහිර සාක්ෂි විමසීම අවසන්

1990 - 2009 කාල පරිච්ඡේදය තුල උතුරු හා නැගෙනහිර පළාත් වල  පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම නැගෙනහිර පළාතේ සිය පළමු මහජන සාක‍ෂි කැඳවීම මාර්තු 22 වැනිදා අවසන් කර තිබේ.

 

එහිදී චෙන්කලාඩි, වාකරේ හා මඩකලපුවේ පුද්ගලයන් 129 දෙනෙකු සාක‍්ෂි ලබා දුන් බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

2014 මාර්තු 20 සිට 22 දක්වා පැවති සාක‍්ෂි විමසීමේ දී කොමිසමට නව පැමිණිලි 1,289 ක් ලැබුණු අතර ඒවා කොමිසම විසින් පත් කරන ලද දෙමළ කතා කරන කාර්යමණ්ඩලයක් විසින් ලැයිස්තුගත කෙරුණි. 

මෙම නව පැමිණිලිකරුවන්ට කොමිසම ඉදිරියේ සාක‍්ෂි ලබා දීමට දිනයක් ලබා දෙනු ඇති බව කොමිසමේ ලේකම් එච්.ඩබ්. ගුණදාස මහතා පැවසී ය.

මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස මැක්වෙල් පරාක්‍රම පරණගම (සභාපති), දිමිංගු බඩතුරුගේ, ප්‍රියන්ති සුරංජනා විද්‍යාරත්න සහ මනෝ රාමනාදන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල කමිටුවට විමර්ශනය කිරීමට හා අවශ්‍ය පරීක‍්ෂණ පැවැත්වීමට බලය ලබා දී ඇති අතර කොමිසම විසින් ඒ සම්බන්ධ වාර්තාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුය.

 

Rate this item
(0 votes)