April 25, 2024

ඇමති මර්වින් තම සොහොනට මුල්ගල තබයි

අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිය සොහොත්කොත වෙත මුල්ගල තැබීම අද පෙරවරු 09 ට බොරැල්ල කනත්තේ සිදු කළේය.

ඒ සොහොන සඳහා අවශය බිම් කොටස මුදල් ගෙවා ලබාගත් බව අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.

ජිවත්ව සිටිය දී සිය භෂ්මාවශේෂ තැම්පත් කිරිම සඳහා සොහොන් කොතට මුල්ගල තැබූ එකම ශ්‍රී ලාංකිකයා ඔහු දැයි දැනට සොයාගත නොහැක .

මිට පෙර කොළඹින් පිටස්තරව පදිංචිව සිට කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාර කළ පුද්ගලයෙකු ජීවතුන් අතර සිටිය දි මෙම කනත්තේම සිය සෙහොන ඉදි කළ ද එහෙත් ඒ සඳහා මුල්ගල තැබිම සිදු නොකළ අතර ඔහු දුප්පතෙකු වී මහමග මියයාම හේතුවෙන් ආදහන කටයුතු කළේ රජයේ වියදමිනි.

 

Rate this item
(2 votes)
Last modified on Tuesday, 15 April 2014 09:57