May 22, 2018

ඉදිරි දින කිහිපයේත් තද වැසි හා තද සුළං

ඉදිරි පැය 18ක කාලය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි, තද සුළං හා රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

එම කාලය තුළ මීගමුව සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඉදිරි දින කිහිපය තුළ ද දිවයිනේ නිරිතදිග කොටසේ, නැගෙනහිර සහ ඌව පළාත්වලද දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)