December 18, 2017

ලේකම්ගේ ඥාතීන් අත්අඩංගුවට නොගන්නා ලෙස උසස් පොලිස් නිලධාරියෙකුගෙන් නියෝගයක්

අමාත්‍යංශ ලේකම්වරයකුගේ ඥාතීන් දෙදෙනකු අත්අඩංගුවට නොගන්නා ලෙස අනුරාධපුර උසස් පොලිස් නිලධාරියකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ට දිගින් දිගටම බලපෑම් කරන බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.

කඩුවකින් පහරදී තුවාල කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

අනුරාධපුරයේ උසස් පොලිස් නිලධාරියකු කරන දැඩි බලපෑම් හේතුවෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට මෙතෙක් නොහැකි වී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කඩුවකින් පහර දී තුවාල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් චෝදනා ලබා සිටින නිසා ඔවුන් අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද වාර්තා වේ.

මෙම සැකකරුවන් දෙදෙනා අමාත්‍යංශයක ලේකම්වරයකුගේ ඥාතීන් වීම නිසා අදාළ පොලිස් නිළධාරියා මෙලෙස බලපෑම් කරන බවද යම් සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවයෙන්ම එකිනෙකාට විරුද්ධව පැමිණිලි කරනු ලබන අවස්ථාවක දී දෙපාර්ශවයටම අයත් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම නීතිමය ක්‍රමවේදය බව ද එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය.

පොලිස් නිලධාරීන් මෙම සිද්ධියේදී එම නීතිමය ක්‍රමවේදය පැහැර හැර ඇත්තේ මෙම බලපෑම් නිසා බව ද බලපෑම් කරන එම උසස් පොලිස් නිලධාරියා සහ තවත් උසස් පොලිස් නිලධාරියකු සැකකරුවන්ගේ නිවෙස්වලටද ගොස් ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 12 October 2017 15:59