December 15, 2017

දුම්රිය සීසන් ඇති මඟීන්ට අධිවේගයේ නොමිලේ ගමන් පහසුකම්

දුම්රිය සීසන් පත් හිමි සියලු මගීන්ට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්රථවල නොමිලේ ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පැවැසීය. 

දුම්රිය වර්ජනය හේතුවෙන් මගී ජනතාවට මුණ පෑමට සිදුවී ඇති අපහසුතාවන් සමනය කිරීමට මෙම පියවර ගත් බවත් මීට අමතරව දුම්රිය සීසන් පත පෙන්වා ඕනෑම අධිවේගී මාර්ගයක ගමන් කරන සුඛෝපභෝගී බස් රථයකද ගමන් කිරීමට පහසුකම් සලසා ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Rate this item
(0 votes)