December 15, 2017

සයිටම් හිතවාදියෙක් වෛද්‍ය සභාවේ මුල් පුටුවට - GMOA චෝදනා කරයි

සයිටම් හිතවාදී පුද්ගලයෙක් වෛද්‍ය සභාවේ සභාපතිධූරයට පත් කර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිය අභිමාතාර්ථයන් ඉටු කර ගැනීමේ දවල් සිහින දකිමින් සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම අදහස් පළ කළේය.

දිගින් දිගටම සයිටම් වෙනුවෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ කොල්වින් ගුණරත්න මහතා එම තනතුරට පත් කර වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කරමින් සිටින බවට ඔහු මෙහිදී චෝදනා කර සිටියේය.

කෙසේ වෙතත් මෙවැනි පත් කිරීමක් තුළින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සයිටම් සම්බන්ධයෙන් තමාට අවශ්‍ය ලෙස තීරණ ගැනීමට යෑම ප්‍රතිඵල රහිත ක්‍රියාවක් බවද හරිත අලුත්ගේ මහතා මෙහිදී පැවසීය.

 

Rate this item
(0 votes)